Tuesday, January 1, 2019

ඇරඹුම...

###- මචං මේ පොස්ට් එක බ්ලොග් එකේ උඩින් Pin කරපු එකක්. අලුත්ම පොස්ට් තියෙන්නෙ මීට යටින්..

හෙට එක්සෑම්.. මේ දවස්වල නැවතිලා ඉන්නෙත් ගෙදර. පට්ට පාලුයි, කම්මැලියි... ඒ අස්සේ බෝඩිමේ සීන් එහෙම මතක් වෙනකොට පට්ටම දුකයි. ඕන පු*ක් ප්‍රීති වෙසක් කියල පටන් ගත්තා instant ක්‍රමයට බ්ලොග් එකක්. වැඩිය ලස්සන කර කර ඉන්නෙ නෑ. ඔහේ ලියනවා කියල හිතුවේ. පස්සේ කෑලි බෑලි දාල, ගැජට් දාලා,ලස්සන කරලා දෙන්නං. එතකන් මෙහෙම ශේප් එකේ කියෝපන් මචං... අනික පවුලේ සැමට එකට වාඩි වී කියවිය හැකි විදියට ලියන්න අමාරු වෙයි. මොකද කොල්ලෝ සෙට් එකකගේ කතා කියද්දී කුණු හරප ෆිල්ටර් කරලා දාන්න ගියොත් ආයේ ලියන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. එම නිසා කුණුහරප එහෙම කියෙව්වම ප්‍රෙග්නන්ට් වෙනවයි කියල හිතාගෙන ඉන්න එවුන් කියවලා බනින්න එපා ඔඕන්..

ඉතිං මෙහෙමයි සීන් එක. මම මෙඩ්ඩෙක්. කැම්පස් පටන් ගත්ත කාලේ හිතට අල්ලන විදියේ හොස්ටල්, බෝඩින් බලල බැරිම තැන ටික කාලයක් නැන්ද කෙනෙක්ගෙ ගෙදර නැවතිලා හිටියා. පස්සේ කොහොම හරි දෛවයේ මෙව්වා එකකට වගේ කැරකිලා මාවත් අපේ බෝඩිමට සෙට් උනා. කොහෙද කින්ද මන්ද කියන්න ඕන නෑනෙ. කොහොමත් ඔතනට හැමෝම කියන්නේ KKR එක කියල. එහෙමත් නැත්තං K* Knight Riders.. K* කියන්නේ මචං එතන බස් හෝල්ට් එකේ නම..




බෝඩිමක් කිව්වට ඒක ගෙයක් මචං. තට්ටු දෙකයි. අයිතිකාරයා මනිලාල් කියල ඩයල් එකක්. ෆැසිලිටීස් අතින් නං ඒ පැත්තේ තිබ්බ පට්ටම පොට් එකක්. මුළු ගේම ටයිල් කරලා, ටී. වී,  වොෂින් මැෂින්, ෆ්‍රිජ්, හීටර් අරව මේවා වැඩ ගොඩයි. ඒ වගේම මහපාරෙන් චුට්ටක් ඇතුලට වෙන්න තියෙන නිසා නිස්කලංක වටපිටාවක් තියෙන්නෙ. ඉතිං ඔතන හිටියේ අපි කොල්ලොම 15ක් විතරයි. ඔක්කොම ඉන්ජෝ. මම විතරයි එකම මෙඩ්ඩා. උන් ගැන පොඩි මෙව්වා එකක් මෙතන ලිව්වා.. ඒ අස්සේ මනිලාල් කාරයත් මාසෙකට සැරයක් ඇවිල්ලා සල්ලි එකතු කරන් යනවා. එච්චරයි..

නිස්කලංක තැනක තිබ්බට ඉතිං ඔතන සද්දයක් බද්දයක් නැතුව තියෙන්නෙ මොකෙක් වත් නැති වෙලාවටයි, එක්සෑම් ලං වෙලා අපේ එවුන්ගේ පු* රත් උනාම විතරයි.. නැත්තං පැය 24ම එකා එකා කෑ ගහන, හිනාවෙන, හූ කියන, කහින, හචින් අරින, *ඩ අරින, ගුඩුස් දාන, වලි දාන, පෙරලන, කඩන, බිඳින, ගේම් ගහන, බෝල ගහන සද්ද ගොඩයි. ඒ මදිවට වැඩි හරියක් බෝඩිමේ ලැගල ඉන්නෙත් අපේ එවුන් නෙමෙයි. පිට එවුන්. උනුත් බොන්න ආපු , මැච් බලන්න ආපු, කුප්පි දාන එවුන්..



මොනා උනත් මචං ඔතන එක දෙයක් තිබ්බා. ඒ සහෝදරකම. KKR සෙට් එක කිව්වම ආයේ එකා වගේ. ඕන ගේමකට, ඕන බීමකට සෙට් එකම එකට බහින්නේ. හැම තැනම වගේ ඉතිං රගර් ටීම් එකේ හරි, ක්‍රිකට් ටීම් එකේ හරි වගේ, KKR එකේ එකෙක්  කිව්වම ඉතිං ආයේ චක් නෝරිස්ගේ පුතාවත් අත තියන්නෙ නෑ. මොකද ඕන එකෙක් දන්නවා අපේ එකෙක්ට ටච් එක දුන්නත් ඇති අනිවා කෑමක් සෙට් වෙනවා කියල. එක සැරයක් ළඟ තිබ්බ බෝඩිමකට ගිහින් ගහලා අන්තිමට ගුටි කාපු එවුන්ට X-ray ගන්න සල්ලිත් දීලා ආවේ... ඉතිං ඔව්වා මෙව්වා කතා ගොඩයි. හිමීට සීන් ටික දාන්නං. කියෝලා කමෙන්ට් එකකුත් දාලම පලයන් මචං...
එහෙනං ජය වේවා....!!!


Saturday, August 9, 2014

Behind the scenes ද කුස්සිය...

අපි ඉතිං මොනා කලත් හරි පිළිවෙලට, පිරිසිඳුවට කරන අයනේ. ඒ කාලේත් එහෙමයි. උයන්න කට්ටිය දවස් බෙදාගෙන තිබ්බේ.. දවස් පහට තුන්දෙනා ගානේ. සෙනසුරාදා ඉරිදා උයන්නේ නෑ. කඩෙන් කනවා නැත්තං ඉන්න දෙතුන් දෙනා මොනා හරි හදා ගන්නවා. ඉතිං මෙහෙමයි. අපේ බෝඩිමේ දිවයිනේ නන් දෙසින් ආ තරු හතහමාරේ චෙෆ්ලා ඉන්න නිසා, දවස් පහට උයන අයගේ ප්‍රදේශ වලට ආවේනික ලොකු මෙනු එකක් තිබ්බා..

සඳුදා           - බතුයි, පරිප්පුයි, ළූණු සම්බෝලයි
අඟහරුවාදා - ළූණු සම්බෝලයි, බතුයි, පරිප්පුයි
බදාදා          - පරිප්පුයි, බතුයි, ළූණු සම්බෝලයි
බ්‍රහස්පතින්දා- බතුයි, ළූණු සම්බෝලයි, පරිප්පුයි
සිකුරාදා       -  පරිප්පුයි, ළූණු සම්බෝලයි, බතුයි

ඊට අමතරව සමහර දවස්වලට සෝයා ටිකක්, කරවල කෑල්ලක්, බිත්තරයක්, සොසේජ් එකක් එහෙම තියෙනවා.. දැන් ඔහොම ගත්තම ඔය පරිප්පුව උනත් හදන්නේ international කොලිටියට. සමහර දවස්වලට බංග්ලාදේශ් ක්‍රමයට පරිප්පු ඇට පාවෙනවා ගංවතුර ගලලා වගේ. තවත් සමහර දවස්වල මාලදිවයිනෙ රෙසිපි එකකට මුහුදු වතුරෙන් හදල වගේ ලුණු සාගරයයි. තව දවසක ඊජිප්තු රෙසිපි එකකට වතුර නොදා පරිප්පු හදලා. නැත්තං තමිල්නාඩු ක්‍රමයට මිරිස් තුනපහ අස්සේ එහෙන් මෙහෙන් පරිප්පු ඇට තියෙනවා. මම නං ආසම එක තමයි චයිනීස් විදියට හදන එක. පරිප්පපු එක්ක ගුල්ලෝ, මෙරුවෝ, කණාමැදිරි, මීමැස්සෝ, කුරුමිනි කෑලි තියෙනවා. ගුල්ලෝ කියන්නේ ඉතිං තනිකරම විටමින් G නෙ. ඇඟටත් හොඳයි...

ඔය හැම රසයෙන් ගුණයෙන් පිරි කෑම වේලක් පිටිපස්සෙම රහස තනිකරම team work මචං. මෙහෙම ලේසියට කිව්වට ඒක හෙන යුද්දයක්. තුන් දෙනාගෙන් එකෙක් කරන්නේ කඩේ ගිහින් බඩු ගෙන ඒම, ළූණු කැපීම, පොල් ගෑම වැනි දේවල්. (ළූණු කපන්න ඩිග්රියක් තියෙන නිසා මම තමයි ඒ වැඩේ කරන්නේ). ටීම් ලීඩර් තමයි උයන්නේ, හැඳි ගාන්නේ, ගින්දර අඩු වැඩි කරන්න දේවල් කරන්නේ. ඇසිස්ටන්ට් මැනේජර් තමයි වලං සේදීම, හැඳි ගෑරුප්පු සප්ලයි කිරීම සහ රස බල බල කොලිටි කන්ට්‍රෝල් කරන්නේ. ඔය මැච් තියෙන දවස් වලට නං කවුරුහරි එකෙක් පඩිපෙළ මැද්දේ හිටගෙන උඩ තියෙන ටීවී එකේ ඉඳන් කුස්සියට ලකුණු වාර්තාව සපයනවා.
ඊට අමතරව emergency වලදී කුස්සිය ළඟ කාමරේ ශැගියා ඉන්නවා. ඌ බාල දක්ෂයා නිසා, පරිප්පුවෙන් කළු දුම් දානකොට කෝල් කරන්නේ උට. ඌත් ආතල් එකේ ඇඳට වෙලා මලක් කඩ කඩ ඉඳලා, මලේ උච්චතම අවස්ථාවේ ඉඳිද්දී මම දුවගෙන ගිහින් " ඕයි අන්න පරිප්පුව ගිනි ගන්නවා. රෑට කන්න ඕන නං වරෙන් ඉක්මනට" ගානවා. අනිත් දෙන්න කුස්සියේ ඉඳන් සද්දෙට චියර් කරනවා " Fire..!! Fire..!!! සම්බොඩි හේ....ල්ප්..!!!! බජාඕ..!! මුජේ සම්බොඩි හෙල්ප් කර්තාහෝ..!!ශැගී හනික වරෙන් වස්තුවේ..!!!" ගාලා. ශැගියත් ඉතිං බෑ නොකියා උයන එවුන්ගේ මලගිය ඥාතීන්ට පිං දිදී එනවා ඉතිං...

මම හිටියේ Monday ටීම් එකේ. මගේ ටීම් එකේ හිටියේ මමයි, තංගල්ලෙයි, හරීනුයි. ඉතිං ඔය යුද්දේ පටන් ගන්නේ අපි තුන්දෙනා සාකච්චා මගින් උයන්නේ මොනාද කියලා තීරණයක ආවට පස්සේ. ඉතිං අපෙ ටීම් එක අර Hangover එකේ එවුන් වගේ පඩිපෙළ බැහැගෙන එනවා ආඩම්බරෙන්. එන අතර මග බෝඩින් මාද්‍යවේදීන්ගෙන් හෙන කරදර. "අඩෝ අද මොනාද හදන්නේ බං?" " යකෝ අදවත් කන්න පුළුවන් විදියට හදපන්" "අපෝ උඹලද හදන්නේ? එහෙනං මම අද කඩෙන් තමයි" ගාලා ප්‍රශ්න වැලයි. අපිත් ඒවාට ලස්සන සිංහලෙන් උත්තර දීලා ශේප් වෙලා එනවා..

ඉතිං ඇවිල්ලා පටන් ගන්න හා හා පුරා කියලා සුබ නැකතින් හට්ටි මුට්ටි ටික ඇරලා බලද්දී සිකුරාදා උයපු එවුන් වලං හෝදලා නෑ. රයිස් කුකර් එකේ පනුවොත් එක්ක. තංගල්ලේත් ඉතිං මුළු ගමටම ඇහෙන්න කෑගහනවා. " මොන පරයෝ ටිකද සිකුරාදා උයලා හේදුවේ නැත්තේ?? වර පහලට ඔක්කොම!! තොපේ අහවල් එවුන් ඇවිල්ලද හෝදන්නේ ??? බ්ලා බ්ලා"". ඒත් එකෙක්වත් not responding. අන්තිමට ලිස්ට් එක බැලුවම උයල තියෙන්නෙ දිමියගේ ටීම් එක. ඉතිං උඩට ගිහින් උන්ට ගගහ දක්කාගෙන එනවා. උනුත් ඉතිං ලෝකේ නැති නිදහසට කාරනා කියනවා. ඒවාට ආදරෙන් උත්තර දෙන්නෙත් තන්ගල්ලේම තමයි. " #@%පන් මහත්තයෝ  එව්වා නං හඳේ ඈ... තොපි තුන්දෙනාට අද රෑට මෙව්වම කන්න ඕනේ නැත්තං හොදාපන් මයේ අම්මා මගේ යකා අවුස්සන්නේ නැතුව. පස්සේ නොකිව්වයි කියන්න එපා මගේ පුතේ..." කිව්වම උන් ඉතිං කීකරුව හෝදලා දෙනවා අපිට. (පස්සේ කාලෙක සම්ප්‍රදායක් විදියට එකතු උනා, ඔහොම සීන් එකක් උනාම චූදිතයන් ටික බැල්කනියට අරං ගිහිල්ලා හට්ටි ඔලුවේ තියාගෙන පාරට පේන්න කවියක් කියා කියා නටවන සීන් එකක්. ඒ කවිය දැම්මොත් කොටු කොටු දාන්න වෙන නිසා දාන්නෙ නෑ..).

කොහොම හරි ඒවයි මේවයින් පස්සේ හරීන් හාල් ගෝනිය ඇරපු ගමන් හූනෝ, කැරපොත්තෝ එහෙන් මෙහෙන් එලියට පනිනවා. ඌත් ඉතිං "ඔන්න කවුරුත් දැක්කේ නෑලු..." ගාලා හාල් ගන්නවා. අපේ බෝඩිමේ හැටියට මචං කවුරුත් දැක්කේ නැත්තං  එහෙම දෙයක් උනේ නෑ කියල තමයි ගණන් ගන්නේ...

ඉතිං ඌ හාල්, පරිප්පු එව්වා මෙව්වා හෝදනකන් මම ළූණු කපනවා. ඒ අපේ ළූණු කැපීමේ රහසත් හොයාගත්තේ පරීක්ෂණයක ප්‍රතිපලයක් හැටියට. අපි හොයා ගත්තා ළූණු ගෙඩියෙන් ගෙඩිය කපනවට වඩා, ගෙඩි ඔක්කොම මෙසේ උඩට දාලා, පිහි දෙකකින් කොත්තු සිස්ටම් එකට කැපුවම කාලයත්, ශ්‍රමයත් ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඉතිං අපි ඒ ඉතුරු වෙන කාලයෙන් පිහි වලින් කඩු ෆයිට් යනවා.. ඒ වගේම අපි හෙන ක්‍රීඩකයෝ නිසා ඉවිල්ලත් අපිට ක්‍රීඩාවක් තමයි. අපි එහෙම කවදාවෙත් හොද්ද ළඟ ඉඳන් ලුණු, තුනපහ දාන්නෙ නෑ. ඌත් කුස්සියේ දොර ගාවට ගිහින් ඉලක්කේ අල්ලලා බාස්කට්බෝල් වල වගේ ගානට හොද්දට දානවා. බාගයක්ම පිට යන එක වෙනම කතාවක්.  එහෙම ඉලක්කේ වැරදිලා ගෑස් උඩට එකට වැටුනම " කවුරුත් දැක්කේ නෑලු.." කිව්වම නෝ බෝල් හැටියට ගණන් ගන්නේ.. අනික උයන දේවල් වලින් සාම්පල් තියන එකත් හොඳයිනේ...

ඔහොම ඔහොම තමයි ඉතිං අපි උයන්නේ. උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මචං. අපේ කෑම කොච්චර රසද කියනවා නං පොල් කොළ කන කුරුමිනියොත් දිවි පරදුවට තියල පියාඹගෙන ඇවිත් තැම්බෙන හොද්දට පනිනවා රස බලන්න. ඒ වෙලාවටත් "කවුරුත් දැක්කේ නෑලු.." කියලා ඌව බේරාගන්නවා අපි..

මචං කොච්චර කාර්යක්ෂම උනත් හරි පරෙස්සමෙන් කලේ නැත්තං වැරදීම් වෙන්න පුළුවන්. ඉතිං මෙහෙමනේ.. උයන ගමන් තංගල්ලේ "ඒ අඩෝ..!! මේ හැන්ද හෙදුවා නෙහ්?" ගාලා අහනවා. හරීන් කෝල් එකක. ඌත් බලන්නේවත් නැතුව "ඔව් බං හේදුවා.. හේදුවා.." ගානවා.. ඉතිං ටිකකින් හරීන් ෆෝන් එක cut කරලා ඇවිත් හොද්දට එබිලා බලලා කෑගහනවා "අම්මට හුඩු..!! උඹ ඔය හැන්දද ගත්තේ? මම හේදුවේ අනිත් හැන්ද බං.. සදා සොත්තිනේ ඉතිං දැන්... යකෝ ඔය හැන්දෙන් තමයි අද උදේ බට්ටා අර බල්ලට ගැහුවේ..!! බූරුවා..!!" ගාලා.. ඊට පස්සේ වලියක්..

එකටත් ඉතිං අන්තිමට "ඔන්න කවුරුත් දැක්කේ නෑලු..." පිහිට තමයි....

Wednesday, August 6, 2014

මේ.. ප්‍රථම රාත්‍රියයි...

ප්‍රථම රාත්‍රියයි කිව්වට ප්‍රථම රාත්‍රියම නෙමෙයි ඈ... මම බෝඩිමට මුලින්ම ගියෙ ඉරිදාවක රෑ. එදා මොකෙක්වත් හිටියේ නෑ. ගෙවල් වල ගිහින්. එදා රෑ ගැන කියන්න දෙයක් නෑ. මහා රෑ ඔහේ බඩු ටික අරං ඇවිල්ල, රූමට හායි හූයි කියල බෙඩ්ශීට් එකක් වත් නොදා නිදා ගත්තා. පස්සේ දවසේ රෑ තමයි කට්ටියව සෙට් උනේ.

එදා ඉතිං හිටපු දහතුන් දෙනාට විසිතුන් සැරයක් මගේ නමයි, ගමයි, විස්තරයි කියලා, උන්ගෙනුත් තිස් තුන් සැරයක් නම් ගම් අහගෙන ශේප් එකේ පල්ග් වෙවී හිටියා. උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ, එදා රෑ තමයි අපි හිටපු අවුරුදු දෙක තුල අපේ බෝඩිමේ එවුන් වැඩියෙන්ම ඩීසන්ට් විදියට, වැදගත් විදියට හිටියේ. එක කුණු හරපයක් නෑ. හැමෝම හෙමීට ඇවිදින්නේ. ලඟින් යන යන සැරේට හිනාව දාගෙන යන්නෙ. කතා කරන්නෙත් ඇහෙන නැහෙන ගානට. ඉතිං මටත් හෙන පුදුමයි. මම ජීවිතේට හිතුවේ නෑ ඉන්ජෝ මෙච්චර ඩීසන්ට් කියලා. ඔහොම ගිහින් ගිහින් අන්තිමට ටික ටික ෆිට් උනාට පස්සේ ශැගියා ඇවිත් මට බෝඩිමේ terms and conditions කියල දුන්නා. බෝඩිමේ සිතියම, කෑම වලට සල්ලි එකතු කරන හැටි, උයන හැටි, උයල සෝදන හැටි, කන හැටි, කන්න කලින් අත සෝදන හැටි, වොෂින් මැෂින් එක පාවිච්චි කරන හැටි, කරන්ට් බිල අඩු කරගන්න රහස්, කෑම කඩ තියෙන තැන් එහෙම ගැන ලොකු ලෙක්චර් එකක්...

අන්තිමට එදා රෑ කාලා බීලා ඉවරවෙලා කට්ටිය විසිර ගියාට පස්සේ මාත් ශේප් එකේ කාමරේට වෙලා හිටියා. කොහොමහරි පස්සේ ඔය එක එකා ඇවිත් හිමීට හේත්තුව දාලා එක එක ඒවා අහගෙන යනවා.
මුලින්ම එකෙක් ආදරණීය වොයිස් එකකින් ලාවට ඇදල පැදලා

 " මචං උඹ බොනවද?" අහනවා..
මමත් ඉතිං " බොනවා නං බොමු..."
ඌත් "එල එල.. එහෙනං එච්චරයි,,, "

තව එකෙක් ඇවිත් " මචං අපි මේ සිකුරාදා inter room කැරම් ටූනමන්ට් එකක් ගහනවා. කැමති නං සෙට් වෙන්න පුළුවන්. 20ක් දාලා.."
මමත් " එල. අනිවා එන්නං..."

තව එකෙක් "මචං අද රෑට අපි COD ගහනවා. උඹ ගහනවා නං... " කියනකොටම මමත් " අම්මටසි සිරි උඹල ගහනවද? අනිවා.. ගහමු ගහමු.."

අන්තිමට තව එකෙක් ඇවිත් (ටිකක් විතර අඳුරන එකෙක්)  " මචං... මේ... උඹ... මේ... වැල බලනවද?". මටත් මල පැනපු පාර " ඇයි යකෝ තොපි හිතං ඉන්නෙ මම පොන්නයෙක් කියලද? මගුල..!!" කියලම ඇහුවා..
ඌත්.. "අම්මට හුඩු...!!! එහෙමද??? පෙන්නපන්කෝ උඹ ගාව තියෙන ඒවා.."

ඔතනින් එහාට කියන්න ඕනේ නෑනෙ... එතනින් පස්සේ මුළු බෝඩිමේම එවුන් pen drive අරගෙන පෝලිමේ මගේ කාමරේ.. "මචං උඹ ගාව වැල තියෙනවලු නෙහ්? මේකට ටිකක් දාල දීපන්කො.." "අඩෝ ලංකාවේ ඒවා නැද්ද බං?" " මචං මේකටත් හිමීට දාලා දීපන්කො.. උඹ ගාව නැද්ද ස්ලෝ ගහන ඒවා? අර කෙල පෙරාගෙන, හොටු පෙරාගෙන උඩදාගෙන ගහන ඒවා නං දාන්න එපා බං.." " මචං අර නෙහාර පීරිස්ගේ අලුත් එක තියෙනවද උඹ ළඟ?" " මේ පෙන් එකෙත් ඇති ටිකක්. උඹට ඕනේ නං අරගෙන, ෆෝමැට් කරලා මටත් දාපන් මචං.."

ඒ අස්සේ එක එක එවුන්දෙන කමෙන්ට් තමයි පට්ටම..
" මම හිතුවේ නෑ බං මෙඩිසින් එවුන් ඕව බලනවා ඇති කියල බං"
"මාත් හිතුවේ මෙඩිසින් කාරයෝ පෙන්නන විදියට හෙන පොෂ් එකට ඉන්නෙ කියලා. බලපන්කො බං උඹලගේ කෙල්ලෝ දාන ලොකු ලයින්.. අනේ හුකේ නන්නානේ.."
"අඩෝ උඹලගේ පොත් වලත් තියෙනවලු නෙහ්.. ඔය වැල පින්තූර එහෙම.."
" ඒවා කෙල්ලෝ දැක්කම අවුලක් නැද්ද බං?"
"නැද්ද බං උඹ ගාව මෙඩිසින් කෙල්ල්ලොන්ගේ නම්බර් එහෙම?"
" මචං Airtel කෙල්ලෙක් ඉන්නවා නං නම්බරේ දියන්කෝ.."
" ඒ හු#තෝ..! උඹත් මෙඩිසින් කලාට අපි වගේමනේ බං. අපරාදේ බං උඹත් සිරාවට එන්ජිනියරින් කරන්න තිබ්බ කොල්ලෙක්.."

ප්‍රශ්න පත්තරයයි.   මමත් හිත ඇතුලෙන් "#@$%$#@$#..!!!!!!" .
ඊටත් හපන් අන්තිමට එකෙක් සිරා මූඩ් එකකින් අහපු දේකට තමයි පොලව පලාගෙන යන්න හිතුනෙ...
ඌ ඇහුවේ..

" මේ... මචං මේ... ඇත්තටම දැනගන්න අහන්නේ... උඹල ඔය මලමිනී වල එහෙම ගැජට් දැකලා දැකලා, අන්තිමට බැන්දට පස්සේ ඇත්තටම දැක්කම නගිනවද බං....???"

ඔන්න ඔහොමයි බෝඩිමේ ප්‍රථම රාත්‍රිය ගෙවුනේ....




Monday, August 4, 2014

අසල්වාසීන්ට ප්‍රේම කරමු..

හොස්ටල් එක වටේ අමුතු අමුතු පොට් ගොඩයි. පණ්ඩිතයගේ කඩේ, කුනාගේ හෝටලේ, රූපා ඇන්ටිගේ කඩේ, කමිනිකේෂන් එක, රත්නපාල ස්ටෝර්ස්, රාජා අයියගේ ත්‍රීවීල් පාර්ක් එක වගේ අනං මනං ගොඩයි. ඉතිං ඔය එක එක අය වගේම එක එක තැන් වල එක එක කතා ගොඩයි.

ඉතිං ඒ කට්ටියවත් අඳුනගෙන ඉමුකො..

පණ්ඩිතයා - පණ්ඩිතයාගේ කඩෙන් තමයි අපි උයන්න බඩු ගන්නේ. ඉතිං පණ්ඩිතය කියන්නේ ඉතිං ලෝකේ වටේ වෙන දේවල් ගැන, මිනිහ තරං දන්න කෙනෙක් නෑ කියලා හිතං ඉන්න කෙනෙක්. අය වැය, අධ්‍යාපනය, සෞක්‍ය සේවය, පරිපාලනය, දේශපාලනය, වාස්තු විද්‍යාව, ජෝතිෂ්‍ය, ඒ වගේම LTTE බංකර් ඇතුලේ වෙන දේවල් ඉඳන් ඔබාමාගේ කාමරේ වෙන දේවල් දක්වා මිනිහ දන්නවා. ලෝකේ පුරා වෙන සිද්දිත් දැක්ක වගේ කියනවා. මරුම සීන් එක තමයි හැම තිස්සෙම අපිට කලින් බඩු ගත්ත මනුස්සයාගේ ඕප දූප සේරම කඩේ ඉන්න අනිත් මිනිස්සුන්ට කියනවා. "ඔය දැන් ගිය මනුස්සයා ඉන්නවා නේද. ඒ යකා බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්... " ගාලා මුළු වංශ කතාවම කියනවා. අපේ අන්කලුත් කම්මැලි වෙලාවට ඔය කඩේට ගිහින් පණ්ඩිතයත් එක්ක පැය ගණන් බජනෙට සෙට් වෙනවා. ආයේ ඇවිත් අපිත් එක්ක උටම බනිනවා. අපි උයන කාලේත් බඩුවක් ගන්න ගියාම ලෙක්චර් එකක් දීල තමයි බඩු දෙන්නෙ. "රයිගම් සෝයා" පැකට් දෙකක් ඉල්ලුවම. "ඕව ගන්න එපා පුතා. ඇට මිදුළු දිය වෙනවා. ඔය ජාන විකුර්ති කරලා හදන්නේ. අලුත් භාණ්ඩයක් තියෙනවා දෙන්නද? කොරියාවෙන් ගෙන්නන්නේ. ඇඟටත් හොඳයි" කියල තව පැකට් එකක් පෙන්නනවා. අපිත් ඉතිං දහ සැරයක් විතර "එපා අංකල්, රයිගම් එකෙන්ම දෙන්න." කියල ඉල්ලුවම තමයි දෙන්නෙ..  

කුනා අංකල් - කුනාගේ කඩේ ඇත්ත නම "සෙව්වන්දි හෝටලය". ඔය කුනා අන්කලුත් පට්ට චරිතේ. කඩේට එන්ටර් වෙච්ච වෙලේ ඉඳන් මුළු කඩේම තියෙන දේවල් ගැන (දුව ගැන ඇරෙන්න) හොඳ සෙටිෆිකට් එකක් දීලා තමයි ඇතුලට ගන්නේ. උදාහරනෙකට " අංකල් චිකන් තියෙනවනේ?" කියල ඇහුවම. " ඔව් පුතා. චිකන් කෑම, බීෆ් කෑම, ෆෝක් කෑම(පෝක් නෙමෙයි) ඕන එකක් තියෙනවා. සතා කියන්න පුතා ඕන චිකන් එකක් මෙතන තියෙනවා. අනික අපි ඔය අජිනමොටෝ එව්වා මෙව්වා දාන්නෙ නෑනෙ. රස වගේම ගුණ ගැනත් අපි හිතනවා. එකනේ මෙච්චර කට්ටිය අපිව හොයාගෙන එන්නේ..  අනික ඔයාලා වගේ ඉගෙන ගන්න ළමයි එන නිසා බ්ලා බ්ලා..." කියලා උත්තර දෙන්නෙ. ඉතිං කොච්චර කට්ටිය හොයන එනවා කිව්වත් අපි දන්න කියන අය අය නං ඔය හෝටලේට යන්නෙ, පෝය දවස්වලට වගේ අනිත් කඩ වහලා, බඩගින්නේ මැරෙන්න ගිහින් වෙන යන්න තැනක් නැතිම උනාම විතරයි. මොකද ඕකෙන් කෑවම තව දවස් දෙකක් විතර ලෙක්චර්ස් යන්න බෑ. අනික පෝය දවසෙත් කඩේ අරිනවා කිව්වම හිතාගන්න මෑන්ට කුනා කියන්නේ ඇයි කියලා...

රූපා ඇන්ටි  - පණ්ඩිතයාගේ කඩේ ඇරුනම  රූපා ඇන්ටිගේ කඩෙන් තමයි අපේ එවුන් ඒ දවස්වල සිගරට් නොහොත් විටමින් ගන්නේ. පොඩි කඩයක්. ඒ කඩේ ඒවා ඇරෙන්නේ වෙන මොකුත් නෑ. තව ඒකෙ තියෙන්නෙ "කුත්රරාජ කරල් ගුලි", සිග්නල් සැශේ පැකට්, රේසර්, සුදුලූනු ගෙඩි දෙක තුනක්, බුලත් විට, සව් කොළ, කොසු ඉදල් හතරක් පහක්, ලිට්ල් ලයන් කේක් පෙට්ටි දෙකක්, කොහොඹ සබන් කැට දෙකක් වගේ දේවල් ටිකක් විතරයි. ඒවත් විකිනෙන්නේ නෑ. දූවිලි වැදී වැදි තියං ඉන්නවා විතරයි. අහ.!! තව උදේට ඉඳිආප්ප පාර්සලුත් තියෙනවා. රූපා ඇන්ටිත් උදේ ඉඳන් කඩේ ඉස්සරහ පුටුවේ වාඩිවෙලා පත්තර කියවනවා. ඔය කඩේ වෙන්නේ ඔච්චරයි...

කමිනිකේෂන් එක - නොහොත් කමියුනිකේෂන් එකේ උඩින් ගහල තිබ්බේ මෙහෙම " විදුර කමියුනිකේෂන් ඇන්ඩ් පොත්හල". ඒක ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද කියල හිතාගන්න බෑ. ඕකට ගියාමත් තත්පර දහයකට වඩා ඉන්න බෑ. හුස්ම ගන්න බැරුව මැරෙන්නේ. ගුහාවක් වගේ. හැබැයි ඔකටම තමයි අපි වැඩියෙන්ම සල්ලි පූජා කරන්නෙත්. මොකද Hutch මල් පැකේජ් එකට දාන 200යේ කාඩ් තිබ්බේ ඔතන විතරයි. අනික එතන ත්‍රී වීල් පාර්ක් එකේ ත්‍රී වීල් එකකින් කොහේ හරි ගියාම ඒ යක්කු ගාව කවදාවත් මාරු සල්ලි නෑ ඉතිං උනුත් " අහ මල්ලි එහෙනං මම ඉතුරු 30 කොමිනිකේෂන් එකෙන් තියන්නන්. හවසට ඉල්ල ගන්න.." කියනවා. ඒත් කවදාවත් එහෙම හම්බ වෙච්ච එකක් නං නෑ...

රත්නපාල ස්ටෝර්ස් - රත්නපාල හාඩ්වෙයාර් එකේ අංකල් අපිත් එක්ක වැඩිය ෆිට් නෑ. කතා කරනකොට මූණවත් බලන්නේ නෑ. ඉතිං බෝඩිමේත ටැප් එකක් එහෙම කැඩුනම, බල්බ් එකක් ගියාම මනිලාල්ට  කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල කියල බැරිම තැන තමයි රත්නපාල ස්ටෝර්ස් එකෙන් ටැප් එකක් ගේන්නේ සල්ලි එකතු කරලා..

පිටිපස්සේ ගෙදර උදවිය -පිටිපස්සේ ගෙදර කස්ටිය කියල ඉන්නේ අන්කලුයි, අන්ටියි, එයාලගේ පුතයි, තව එක එක කට්ටිය ඉන්නවා නොදැකපු. පිටිපස්සේ ගෙදර වත්ත පේන්නේ උඩ තට්ටුවේ මැද කාමරේ ජනේලෙන් විතරයි. මොකද අපේ සද්දේ ඇහෙනකොට අපිට ආදරේ හිතෙන නිසා එයාලා තාප්පේ උසටම ගහගෙන ඉන්නෙ. අනික අපි වැඩියෙන්ම සංගමේ දාන්නෙ ඔය කාමරේ ඉඳන් නිසා ඒ මිනිස්සුන්ගේ කන් එහෙම ඇහෙනවා අඩුයි. ඉඳල හිටලා එහා පැත්තෙන් කෑ ගහනවත් එක්ක. ඉතිං ඒ වෙලාවට අපි " සොරි ඇන්ටි. පොඩ්ඩක් සද්දේ වැඩි උනා" කියල විනාඩි පහක නිශ්‍යබ්දතාවයක් පවත්වනවා. ඒ ගොල්ලෝ නං හෙන පොෂ් පොෂ්. හම්මේ ඒ ඇන්ටි අඳින විනිවිද පේන සිල්ක් ඇඳුම් දැක්කම ආයේ සතියකට හොදි ඕනේ නෑ.. (හැබැයි මොනා උනත් තංගල්ලේගේ ගලට ගහන්න බෑ). අනික ඇන්ටිව පේන්නෙත් ෂෝට ගහන කාර් එක හෝදන වෙලාවටමයි..

පෙප්සි - පෙප්සි කියන්නේ පිටිපස්සේ ගෙදර ඇන්ටිලගේ ඇල්ශේෂන් බල්ලා. අපිත් ඇන්ටිලව අවුස්සන්න ඕන උනාම මහා රෑ එකට දෙකට විතර " පෙප්සේ....!!!" ගාලා කෑ ගැහුවම, මූ ගම දෙවනත් වෙන්න බුරනවා. ආයේ අහල ගම් හත අටකට පැය දෙකක් විතර යනකං නින්දක් නෑ...

ඉතිං ඔහොමයි අහල පහල ඉන්න කස්ටිය. ඒ අය ගැනත් ලොවෙත් නැති කතා පස්සේ දාන්නං..

අපේ කස්ටිය..



හා හා පුරා කියල ලියන්න යන එකේ ඉතිං අපේ එවුන්ගේ සෙටිෆිකට් එකත් දීලම පටන් ගන්නං. එතකොට පස්සට ලේසියිනෙ.. කලින් කිව්වා වගේ අපේ එවුන් ඔක්කොම කොල්ලෝ 15යි. තව බෝඩිමේ අයිතිකාරයා මනිලාල්, අපේ අංකල්, වටේ පිටේ ඈයෝ, සතා සිව්පාවෝ එහෙම එක එක චරිත ගොඩයි. ඒ අය ගැන මෙතන ලිව්වා.. ඒ ඔක්කොටම කලින් මුලින් ඉන්න එවුන් ගැන විතරක් කියන්නං..

 ඉතිං මචං උඩ තට්ටුවෙන් පටන් ගත්තම පහල කුස්සියට යනකම්ම ඉන්නෙ අමුතුම ජාතියේ එවුන්. ආයේ ලොවෙත් හොයන්න නෑ ඒ වගේ එවුන් ටිකක් නං.. හැබැයි මචං පාටින්, උසින්, වයසින් වෙනස් උනත් අපේ එවුන්ගේ බොක්ක එකයි...

ඉතිං අඳුනා ගන්න..

දිමියා - උඩ තට්ටුවේ කොනේ කාමරේක ඉන්නෙ ඩයල් එක. නුවර කොල්ලෙක්. මෑන් පොඩි කාලේ ඉඳන්ම තට්ටයා. හිත හොඳ මනුස්සයා. බෝඩිමේ ටෙක්නිෂන් වගේ ඉන්නෙ ඌ තමයි. ලැප් එකක, ෆෝන් එකක අවුලක් ගිය ගමන් "දිමියෝ දිමියෝ දිමියෝ දිමියෝ" ගාලා එක දිගට නවත්තන්නේ නැතුව කෑ ගහපුවම මෑන්ස් බැන බැන ඇවිල්ලා හරිගස්සලා දීලා යනවා. ගාල්ලේ කෙල්ලෙක් ඇත.

ශැරෝ මලයා - දමියගේ රූමා. සුදු, ලස්සන, හැන්සම් කොල්ලෙක්. ඌත් නුවර පැත්තේ. වැඩි සද්ද බද්ද නෑ. තමන්ගේ පාඩුවේ වැඩක් පලක් කරගෙන, පිලිවලකට ඉන්න එකෙක්. හැබැයි ඉඳල ඉඳල කරන කුපාඩිම වැඩ කරන්නෙත් ඌම තමයි. උටත් කෙල්ලෙක් ඇත.

ඔටුවා මහතා- ඒ කියන්නේ මම. මගේ නං ඉතිං කියන්න කියල නරක දේවල් නෑ. මම ඉතිං කාගේත් සිත් ගත්, අහිංසක, අවංක, විනීත, කීකරු, ප්‍රියමනාප, සුකුමාල, මනමාල කොල්ලෙක්. ආයේ කුරා කූම්බියෙකුටත් මගෙන් වරදක් නෑ. මාත් ඒ කාලේ කෙල්ලෙක් එක්ක පොඩි මෙව්වා එකක් තිබ්බලු. දැන් නෑලු..

සයිලේ - මූ මගේ රූමා. මෑන් දෙමල. කල්මුනේ ගෙවල්. මුට සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ. ඉංග්‍රීසි බෑ කිව්වට, යන්තං ශේප් කරගන්න පුළුවන් විතරයි. ඉතිං මූ කාත් එක්කවත් කතා කරන්නෙත් නෑ. මම අහන දේවල් වලට උත්තර දෙන එක විතරයි. මුගේ ජීවිතේම කාමරේ ඇතුලේ. එලියට එන්නේ, කඩේ යන්නයි, බරවල් නිදහස් කරන්නයි විතරයි. බෝඩිමේ සමහරු මෙහෙම එකෙක් ඉන්නවා කියල දන්නෙත් නෑ. ෆ්‍රී ඉන්ටර්නෙට් තියෙනවා නං ආයේ මුට කිසි දෙයක් ඕන නෑ..

Mr. තංගල්ලේ - Mr. තංගල්ලේගේ ගම තංගල්ල. මැද ලොකු කාමරේ ඉන්නෙ. මූ ප්‍රසිද්ද මුගේ කෙකර හිනාවටයි, ගලටයි. මූ තුවාය ඇඳගෙන, ඇඳට වෙලා, ගල එළියේ දාගෙන ඉන්නවා දැක්කම ඕන කෙනෙක්ගෙ හැගීම් මෙව්වා වෙනවා අප්පා. පොඩ්ඩක් වලියට බරයි. ඒත් ඕන දේකට බොක්ක. මුට කෙල්ලෙක් හිටියද නැද්ද කියල කියන්න දන්නේ නැත. එක එක කාලෙට එක එක කෙල්ලෝ ටෝක් කරයි.

ලහිරු - තංගල්ලේගේ රූමා. මූ නං බොඩි බිල්ඩින් ඩයල් එකක්. හැමදාම හවසට මූ කාමරේ ඉන්න එවුන්ව එලියට දාලා දොර ලොක් කරගෙන, පැයක් දෙකක් බොඩි බිල්ඩින් කරනවා. වැල පප්පෙක්. ඒත් තෝරා ගත් කැටගරි විතරයි බලන්නේ. මොනා උනත් මිනිහගේ කෙලින් කතාව. කෙල්ලෝ ගැන කිව්වොත් ඉතිං මුට තියෙන්නෙ හෙන කම්ප්ලිකේටඩ් සීන් එකක්. මුගේ පස්සෙන් කෙල්ලෙක් එද්දී මූ වෙන කෙල්ලෙක් පස්සේ යනවා. අවුරුදු දෙකක් තිස්සේ මූ කාව තෝර ගන්නද කියල හිත හිත තමයි හිටියේ..

තංගල්ලේයි, ලහිරුවයි තමයි මගේ ඕන දේකට ඉන්නෙ. ඕන සීන් එකක් මුන් දෙන්නට තමයි ගිහින් කියන්නේ ඉතිං..

නුවනා - මූ අන්තිම කාලේ ආවේ. හෙන පොෂ් පොෂ් ඩයල් එකක්. තමන්ගේ පාඩුවේ, වැඩක් පලක් කරගෙන හිටියේ මූ..

මහේෂ් අයියා - මචං මහේෂ් අයියා නොහොත් ලොක්කා තමයි බෝඩිමේ මැනේජර්. මෑන්ස්ට ජරා වැඩ පේන්න බෑ. රහසින්වත් පව් නොකරන සේක පොරක්. උඹ බං කියල වත් කියන්නේ නෑ. ඒ වගේම අකුරට වැඩ. සිංහලෙන් කියනවා නං පට්ටම සෙන්සිටිව් ඩයල් එකක්. මදුරුවෙක් කෑවත් සිද්ධාලේප ගානවා. හැබැයි ඕන වෙලාවක උදව්වක් ඉල්ලුවොත් බෑ කියන්නේ නෑ. කෙල්ලෙක් ඇත.

ඒ උඩ තට්ටුවේ එවුන්. පහල තට්ටුවේ ඉන්නවා..

බට්ටා - මාමයිට් බට්ටට නම හැදුනේ කොහොමද කියන්න ඕනේ නෑනෙ. මූ බදුල්ලේ. බටු ඇටයක් වගේ සයිස් එක නං. මිනිහගේ චූටි ගොතයක් තිබ්බා. ඌත් පට්ට ඩයල් එකක්. කෑමට බීමට එහෙම හෙන දක්ෂයි. මූටත් කෙල්ලෙක් සෙට් උනා. මුන්ගේ ප්ෆොෆෙසර් කෙනෙක්ගෙ දුව. අන්න වැඩ කාරයෝ...

ජයසිංහ අයියා - බට්ටාගේ රූමා. බෝඩිමේ හිටපු ගුප්තම චරිතතේ. මම නං මෑන්ස් ව දකින්නේ උදේ යනකොට විතරයි. කාත් එක්කවත් කතාවක් නෑ. තමන්ගේ පාඩුවේ ඉන්නෙ. අපිත් එක්ක කන්න වත් එන්නේ නෑ. රෑට ජිම්, පන්සල් එහෙම ගිහින් එනව දැකල තියෙනවා කලාතුරකින්. පොර ටික කාලයක් ඉඳල ගියා...

වලියා - වලියා බෝල ගෙඩිය වගේ. ඌත් කාමරෙන් එලියට එනව අඩුයි. ඒත් පැය විසි හතරේම ඔන්ලයින්. වැල, ෆිල්ම් එහෙම ඉල්ලගන්න යන්නෙ මූ ගාවට. උගේ කාමරේ නිකං ගැජට් රාලහාමි කෙනෙක්ගෙ වගේ. අමුතු අමුතු, ලයිට් පත්තුවෙන, කැරකෙන දේවල් මේසේ පුරා. කොහෙන්ද ගත්තේ කියල ඇහුවම. " E bay එකෙන් මචං" ගානවා..

හරීන් - වලියගේ රූමා. ඌත් ඉතිං කාටවත් කරදරයක් නෑ. තමන්ගේ පාඩුවේ ඉන්නවා. බෝඩිමේ කෑමවල, ලයිට් බිල්වල ගණන් හිලව් බේරන්නේ ඌ තමයි. කෙල්ලෙක් නැත..

ශැගියා - ශැගියා මාතර. ඉන්නෙ කුස්සියට ලඟම කාමරේ. හොද්දක් එහම අප්සෙට් ගියාම කෙලින්ම මුට කෝල් කරනවා. මූ දුවගෙන ඇවිල්ලා හොද්ද ගොඩ දානවා. කියවන්න ගියාම මුට තියෙන්නෙ යකාගේ කටක්. මූ නොදන්නා දෙයක් නෑ. යූ.එන්.පී. තමයි ඉතිං. සයිස් එකෙන් කොහු මිටක විතර උනත් යුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩක් අවදි කරන කොල්ලෙක්. ඒ වගේම ඕන ජරාවක් ලැජ්ජාව පැත්තකින් තියල කැත නැතුව කියනවා ඕන තැනක...

වුල්ෆි - ශැගියගේ රූමා. මූම රෙජිස්ටර් කරගත්ත නමක්. ෆේස්බුක් එකේ මුගේ නම ඉස්සරහින් වුල්ෆි කියල කෑල්ලක් දාගෙන හදාගත්තේ. හී ඉස් ෆ්‍රොම් ළඟ පාත. ගේ තියෙන්නෙ කැම්පස් එක ලඟම උනත් මූ සල්ලි ගෙව ගෙව බෝඩිමේ ඉන්නවා. බෝඩිමේ ගිටාරිස්ට්. මූත් මගේ බෝට්ටුවේ. මුස්ලිම් කෑල්ලකින් බූටක් කාපු එකෙක්. මගේ ඕන ප්‍රේමය සම්බන්ද ප්‍රශ්නෙකට උපදෙස් දෙන්නෙ පොර තමයි...

කොඩියා - ගාල්ලේ ඩයල් එකක්. මූත් වලි සම්බන්ද එකෙක්. තනි කාමරේක ඉන්නෙ. බෝඩිමේ ගායකයා මෙන්ම කීබෝඩ් වාදකයා. මගේ කඩ්ඩ ක්ලාස් එකේ ගෝලයෙක්. මුටත් කෙල්ලෙක් ඇත..

අංකල් - අංකල් ආවේ පස්සේ කාලෙක. උයල දෙන්න, අස්කරන වැඩ වගේ දේවල් කරලා දෙන්න. අංකල් ගැන නං කියල ඉවර කරන්න බෑ. ඒ නිසා හිමීට පස්සේ කියන්නං..

හු*තා - අපේ බෝඩිමේ පූසා. ඌ ගැනත් පස්සෙම කියන්නං...

තව හැමදාම අපිත් එක්ක ලැගල ඉන්න එවුනුත් ඉන්නවා 10ක් පහලවක් විතර. උන් ගැනත් කියන්න ගියොත් මේක ලියල ඉවර කරන්න වෙන්නේ නෑ. ඒ නිසා දැනට ඔච්චරයි. ඉතුරු ඒවා පසුවට..