Tuesday, January 1, 2019

ඇරඹුම...

###- මචං මේ පොස්ට් එක බ්ලොග් එකේ උඩින් Pin කරපු එකක්. අලුත්ම පොස්ට් තියෙන්නෙ මීට යටින්..

හෙට එක්සෑම්.. මේ දවස්වල නැවතිලා ඉන්නෙත් ගෙදර. පට්ට පාලුයි, කම්මැලියි... ඒ අස්සේ බෝඩිමේ සීන් එහෙම මතක් වෙනකොට පට්ටම දුකයි. ඕන පු*ක් ප්‍රීති වෙසක් කියල පටන් ගත්තා instant ක්‍රමයට බ්ලොග් එකක්. වැඩිය ලස්සන කර කර ඉන්නෙ නෑ. ඔහේ ලියනවා කියල හිතුවේ. පස්සේ කෑලි බෑලි දාල, ගැජට් දාලා,ලස්සන කරලා දෙන්නං. එතකන් මෙහෙම ශේප් එකේ කියෝපන් මචං... අනික පවුලේ සැමට එකට වාඩි වී කියවිය හැකි විදියට ලියන්න අමාරු වෙයි. මොකද කොල්ලෝ සෙට් එකකගේ කතා කියද්දී කුණු හරප ෆිල්ටර් කරලා දාන්න ගියොත් ආයේ ලියන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. එම නිසා කුණුහරප එහෙම කියෙව්වම ප්‍රෙග්නන්ට් වෙනවයි කියල හිතාගෙන ඉන්න එවුන් කියවලා බනින්න එපා ඔඕන්..

ඉතිං මෙහෙමයි සීන් එක. මම මෙඩ්ඩෙක්. කැම්පස් පටන් ගත්ත කාලේ හිතට අල්ලන විදියේ හොස්ටල්, බෝඩින් බලල බැරිම තැන ටික කාලයක් නැන්ද කෙනෙක්ගෙ ගෙදර නැවතිලා හිටියා. පස්සේ කොහොම හරි දෛවයේ මෙව්වා එකකට වගේ කැරකිලා මාවත් අපේ බෝඩිමට සෙට් උනා. කොහෙද කින්ද මන්ද කියන්න ඕන නෑනෙ. කොහොමත් ඔතනට හැමෝම කියන්නේ KKR එක කියල. එහෙමත් නැත්තං K* Knight Riders.. K* කියන්නේ මචං එතන බස් හෝල්ට් එකේ නම..




බෝඩිමක් කිව්වට ඒක ගෙයක් මචං. තට්ටු දෙකයි. අයිතිකාරයා මනිලාල් කියල ඩයල් එකක්. ෆැසිලිටීස් අතින් නං ඒ පැත්තේ තිබ්බ පට්ටම පොට් එකක්. මුළු ගේම ටයිල් කරලා, ටී. වී,  වොෂින් මැෂින්, ෆ්‍රිජ්, හීටර් අරව මේවා වැඩ ගොඩයි. ඒ වගේම මහපාරෙන් චුට්ටක් ඇතුලට වෙන්න තියෙන නිසා නිස්කලංක වටපිටාවක් තියෙන්නෙ. ඉතිං ඔතන හිටියේ අපි කොල්ලොම 15ක් විතරයි. ඔක්කොම ඉන්ජෝ. මම විතරයි එකම මෙඩ්ඩා. උන් ගැන පොඩි මෙව්වා එකක් මෙතන ලිව්වා.. ඒ අස්සේ මනිලාල් කාරයත් මාසෙකට සැරයක් ඇවිල්ලා සල්ලි එකතු කරන් යනවා. එච්චරයි..

නිස්කලංක තැනක තිබ්බට ඉතිං ඔතන සද්දයක් බද්දයක් නැතුව තියෙන්නෙ මොකෙක් වත් නැති වෙලාවටයි, එක්සෑම් ලං වෙලා අපේ එවුන්ගේ පු* රත් උනාම විතරයි.. නැත්තං පැය 24ම එකා එකා කෑ ගහන, හිනාවෙන, හූ කියන, කහින, හචින් අරින, *ඩ අරින, ගුඩුස් දාන, වලි දාන, පෙරලන, කඩන, බිඳින, ගේම් ගහන, බෝල ගහන සද්ද ගොඩයි. ඒ මදිවට වැඩි හරියක් බෝඩිමේ ලැගල ඉන්නෙත් අපේ එවුන් නෙමෙයි. පිට එවුන්. උනුත් බොන්න ආපු , මැච් බලන්න ආපු, කුප්පි දාන එවුන්..



මොනා උනත් මචං ඔතන එක දෙයක් තිබ්බා. ඒ සහෝදරකම. KKR සෙට් එක කිව්වම ආයේ එකා වගේ. ඕන ගේමකට, ඕන බීමකට සෙට් එකම එකට බහින්නේ. හැම තැනම වගේ ඉතිං රගර් ටීම් එකේ හරි, ක්‍රිකට් ටීම් එකේ හරි වගේ, KKR එකේ එකෙක්  කිව්වම ඉතිං ආයේ චක් නෝරිස්ගේ පුතාවත් අත තියන්නෙ නෑ. මොකද ඕන එකෙක් දන්නවා අපේ එකෙක්ට ටච් එක දුන්නත් ඇති අනිවා කෑමක් සෙට් වෙනවා කියල. එක සැරයක් ළඟ තිබ්බ බෝඩිමකට ගිහින් ගහලා අන්තිමට ගුටි කාපු එවුන්ට X-ray ගන්න සල්ලිත් දීලා ආවේ... ඉතිං ඔව්වා මෙව්වා කතා ගොඩයි. හිමීට සීන් ටික දාන්නං. කියෝලා කමෙන්ට් එකකුත් දාලම පලයන් මචං...
එහෙනං ජය වේවා....!!!


No comments:

Post a Comment