ප්‍රථම රාත්‍රියයි කිව්වට ප්‍රථම රාත්‍රියම නෙමෙයි ඈ... මම බෝඩිමට මුලින්ම ගියෙ ඉරිදාවක රෑ. එදා මොකෙක්වත් හිටියේ නෑ. ගෙවල් වල ගිහින්. එදා රෑ ගැන කියන්න දෙයක් නෑ. මහා රෑ ඔහේ බඩු ටික අරං ඇවිල්ල, රූමට හායි හූයි කියල බෙඩ්ශීට් එකක් වත් නොදා නිදා ගත්තා. පස්සේ දවසේ රෑ තමයි කට්ටියව සෙට් උනේ.
එදා ඉතිං හිටපු දහතුන් දෙනාට විසිතුන් සැරයක් මගේ නමයි, ගමයි, විස්තරයි කියලා, උන්ගෙනුත් තිස් තුන් සැරයක් නම් ගම් අහගෙන ශේප් එකේ පල්ග් වෙවී හිටියා. උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ, එදා රෑ තමයි අපි හිටපු අවුරුදු දෙක තුල අපේ බෝඩිමේ එවුන් වැඩියෙන්ම ඩීසන්ට් විදියට, වැදගත් විදියට හිටියේ. එක කුණු හරපයක් නෑ. හැමෝම හෙමීට ඇවිදින්නේ. ලඟින් යන යන සැරේට හිනාව දාගෙන යන්නෙ. කතා කරන්නෙත් ඇහෙන නැහෙන ගානට. ඉතිං මටත් හෙන පුදුමයි. මම ජීවිතේට හිතුවේ නෑ ඉන්ජෝ මෙච්චර ඩීසන්ට් කියලා. ඔහොම ගිහින් ගිහින් අන්තිමට ටික ටික ෆිට් උනාට පස්සේ ශැගියා ඇවිත් මට බෝඩිමේ terms and conditions කියල දුන්නා. බෝඩිමේ සිතියම, කෑම වලට සල්ලි එකතු කරන හැටි, උයන හැටි, උයල සෝදන හැටි, කන හැටි, කන්න කලින් අත සෝදන හැටි, වොෂින් මැෂින් එක පාවිච්චි කරන හැටි, කරන්ට් බිල අඩු කරගන්න රහස්, කෑම කඩ තියෙන තැන් එහෙම ගැන ලොකු ලෙක්චර් එකක්...
අන්තිමට එදා රෑ කාලා බීලා ඉවරවෙලා කට්ටිය විසිර ගියාට පස්සේ මාත් ශේප් එකේ කාමරේට වෙලා හිටියා. කොහොමහරි පස්සේ ඔය එක එකා ඇවිත් හිමීට හේත්තුව දාලා එක එක ඒවා අහගෙන යනවා.
මුලින්ම එකෙක් ආදරණීය වොයිස් එකකින් ලාවට ඇදල පැදලා
" මචං උඹ බොනවද?" අහනවා..
මමත් ඉතිං " බොනවා නං බොමු..."
ඌත් "එල එල.. එහෙනං එච්චරයි,,, "
තව එකෙක් ඇවිත් " මචං අපි මේ සිකුරාදා inter room කැරම් ටූනමන්ට් එකක් ගහනවා. කැමති නං සෙට් වෙන්න පුළුවන්. 20ක් දාලා.."
මමත් " එල. අනිවා එන්නං..."
තව එකෙක් "මචං අද රෑට අපි COD ගහනවා. උඹ ගහනවා නං... " කියනකොටම මමත් " අම්මටසි සිරි උඹල ගහනවද? අනිවා.. ගහමු ගහමු.."
අන්තිමට තව එකෙක් ඇවිත් (ටිකක් විතර අඳුරන එකෙක්) " මචං... මේ... උඹ... මේ... වැල බලනවද?". මටත් මල පැනපු පාර " ඇයි යකෝ තොපි හිතං ඉන්නෙ මම පොන්නයෙක් කියලද? මගුල..!!" කියලම ඇහුවා..
ඌත්.. "අම්මට හුඩු...!!! එහෙමද??? පෙන්නපන්කෝ උඹ ගාව තියෙන ඒවා.."
ඔතනින් එහාට කියන්න ඕනේ නෑනෙ... එතනින් පස්සේ මුළු බෝඩිමේම එවුන් pen drive අරගෙන පෝලිමේ මගේ කාමරේ.. "මචං උඹ ගාව වැල තියෙනවලු නෙහ්? මේකට ටිකක් දාල දීපන්කො.." "අඩෝ ලංකාවේ ඒවා නැද්ද බං?" " මචං මේකටත් හිමීට දාලා දීපන්කො.. උඹ ගාව නැද්ද ස්ලෝ ගහන ඒවා? අර කෙල පෙරාගෙන, හොටු පෙරාගෙන උඩදාගෙන ගහන ඒවා නං දාන්න එපා බං.." " මචං අර නෙහාර පීරිස්ගේ අලුත් එක තියෙනවද උඹ ළඟ?" " මේ පෙන් එකෙත් ඇති ටිකක්. උඹට ඕනේ නං අරගෙන, ෆෝමැට් කරලා මටත් දාපන් මචං.."
ඒ අස්සේ එක එක එවුන්දෙන කමෙන්ට් තමයි පට්ටම..
" මම හිතුවේ නෑ බං මෙඩිසින් එවුන් ඕව බලනවා ඇති කියල බං"
"මාත් හිතුවේ මෙඩිසින් කාරයෝ පෙන්නන විදියට හෙන පොෂ් එකට ඉන්නෙ කියලා. බලපන්කො බං උඹලගේ කෙල්ලෝ දාන ලොකු ලයින්.. අනේ හුකේ නන්නානේ.."
"අඩෝ උඹලගේ පොත් වලත් තියෙනවලු නෙහ්.. ඔය වැල පින්තූර එහෙම.."
" ඒවා කෙල්ලෝ දැක්කම අවුලක් නැද්ද බං?"
"නැද්ද බං උඹ ගාව මෙඩිසින් කෙල්ල්ලොන්ගේ නම්බර් එහෙම?"
" මචං Airtel කෙල්ලෙක් ඉන්නවා නං නම්බරේ දියන්කෝ.."
" ඒ හු#තෝ..! උඹත් මෙඩිසින් කලාට අපි වගේමනේ බං. අපරාදේ බං උඹත් සිරාවට එන්ජිනියරින් කරන්න තිබ්බ කොල්ලෙක්.."
ප්‍රශ්න පත්තරයයි. මමත් හිත ඇතුලෙන් "#@$%$#@$#..!!!!!!" .
ඊටත් හපන් අන්තිමට එකෙක් සිරා මූඩ් එකකින් අහපු දේකට තමයි පොලව පලාගෙන යන්න හිතුනෙ...
ඌ ඇහුවේ..
" මේ... මචං මේ... ඇත්තටම දැනගන්න අහන්නේ... උඹල ඔය මලමිනී වල එහෙම ගැජට් දැකලා දැකලා, අන්තිමට බැන්දට පස්සේ ඇත්තටම දැක්කම නගිනවද බං....???"
ඔන්න ඔහොමයි බෝඩිමේ ප්‍රථම රාත්‍රිය ගෙවුනේ....
No comments:
Post a Comment