Saturday, August 9, 2014

Behind the scenes ද කුස්සිය...

අපි ඉතිං මොනා කලත් හරි පිළිවෙලට, පිරිසිඳුවට කරන අයනේ. ඒ කාලේත් එහෙමයි. උයන්න කට්ටිය දවස් බෙදාගෙන තිබ්බේ.. දවස් පහට තුන්දෙනා ගානේ. සෙනසුරාදා ඉරිදා උයන්නේ නෑ. කඩෙන් කනවා නැත්තං ඉන්න දෙතුන් දෙනා මොනා හරි හදා ගන්නවා. ඉතිං මෙහෙමයි. අපේ බෝඩිමේ දිවයිනේ නන් දෙසින් ආ තරු හතහමාරේ චෙෆ්ලා ඉන්න නිසා, දවස් පහට උයන අයගේ ප්‍රදේශ වලට ආවේනික ලොකු මෙනු එකක් තිබ්බා..

සඳුදා           - බතුයි, පරිප්පුයි, ළූණු සම්බෝලයි
අඟහරුවාදා - ළූණු සම්බෝලයි, බතුයි, පරිප්පුයි
බදාදා          - පරිප්පුයි, බතුයි, ළූණු සම්බෝලයි
බ්‍රහස්පතින්දා- බතුයි, ළූණු සම්බෝලයි, පරිප්පුයි
සිකුරාදා       -  පරිප්පුයි, ළූණු සම්බෝලයි, බතුයි

ඊට අමතරව සමහර දවස්වලට සෝයා ටිකක්, කරවල කෑල්ලක්, බිත්තරයක්, සොසේජ් එකක් එහෙම තියෙනවා.. දැන් ඔහොම ගත්තම ඔය පරිප්පුව උනත් හදන්නේ international කොලිටියට. සමහර දවස්වලට බංග්ලාදේශ් ක්‍රමයට පරිප්පු ඇට පාවෙනවා ගංවතුර ගලලා වගේ. තවත් සමහර දවස්වල මාලදිවයිනෙ රෙසිපි එකකට මුහුදු වතුරෙන් හදල වගේ ලුණු සාගරයයි. තව දවසක ඊජිප්තු රෙසිපි එකකට වතුර නොදා පරිප්පු හදලා. නැත්තං තමිල්නාඩු ක්‍රමයට මිරිස් තුනපහ අස්සේ එහෙන් මෙහෙන් පරිප්පු ඇට තියෙනවා. මම නං ආසම එක තමයි චයිනීස් විදියට හදන එක. පරිප්පපු එක්ක ගුල්ලෝ, මෙරුවෝ, කණාමැදිරි, මීමැස්සෝ, කුරුමිනි කෑලි තියෙනවා. ගුල්ලෝ කියන්නේ ඉතිං තනිකරම විටමින් G නෙ. ඇඟටත් හොඳයි...

ඔය හැම රසයෙන් ගුණයෙන් පිරි කෑම වේලක් පිටිපස්සෙම රහස තනිකරම team work මචං. මෙහෙම ලේසියට කිව්වට ඒක හෙන යුද්දයක්. තුන් දෙනාගෙන් එකෙක් කරන්නේ කඩේ ගිහින් බඩු ගෙන ඒම, ළූණු කැපීම, පොල් ගෑම වැනි දේවල්. (ළූණු කපන්න ඩිග්රියක් තියෙන නිසා මම තමයි ඒ වැඩේ කරන්නේ). ටීම් ලීඩර් තමයි උයන්නේ, හැඳි ගාන්නේ, ගින්දර අඩු වැඩි කරන්න දේවල් කරන්නේ. ඇසිස්ටන්ට් මැනේජර් තමයි වලං සේදීම, හැඳි ගෑරුප්පු සප්ලයි කිරීම සහ රස බල බල කොලිටි කන්ට්‍රෝල් කරන්නේ. ඔය මැච් තියෙන දවස් වලට නං කවුරුහරි එකෙක් පඩිපෙළ මැද්දේ හිටගෙන උඩ තියෙන ටීවී එකේ ඉඳන් කුස්සියට ලකුණු වාර්තාව සපයනවා.
ඊට අමතරව emergency වලදී කුස්සිය ළඟ කාමරේ ශැගියා ඉන්නවා. ඌ බාල දක්ෂයා නිසා, පරිප්පුවෙන් කළු දුම් දානකොට කෝල් කරන්නේ උට. ඌත් ආතල් එකේ ඇඳට වෙලා මලක් කඩ කඩ ඉඳලා, මලේ උච්චතම අවස්ථාවේ ඉඳිද්දී මම දුවගෙන ගිහින් " ඕයි අන්න පරිප්පුව ගිනි ගන්නවා. රෑට කන්න ඕන නං වරෙන් ඉක්මනට" ගානවා. අනිත් දෙන්න කුස්සියේ ඉඳන් සද්දෙට චියර් කරනවා " Fire..!! Fire..!!! සම්බොඩි හේ....ල්ප්..!!!! බජාඕ..!! මුජේ සම්බොඩි හෙල්ප් කර්තාහෝ..!!ශැගී හනික වරෙන් වස්තුවේ..!!!" ගාලා. ශැගියත් ඉතිං බෑ නොකියා උයන එවුන්ගේ මලගිය ඥාතීන්ට පිං දිදී එනවා ඉතිං...

මම හිටියේ Monday ටීම් එකේ. මගේ ටීම් එකේ හිටියේ මමයි, තංගල්ලෙයි, හරීනුයි. ඉතිං ඔය යුද්දේ පටන් ගන්නේ අපි තුන්දෙනා සාකච්චා මගින් උයන්නේ මොනාද කියලා තීරණයක ආවට පස්සේ. ඉතිං අපෙ ටීම් එක අර Hangover එකේ එවුන් වගේ පඩිපෙළ බැහැගෙන එනවා ආඩම්බරෙන්. එන අතර මග බෝඩින් මාද්‍යවේදීන්ගෙන් හෙන කරදර. "අඩෝ අද මොනාද හදන්නේ බං?" " යකෝ අදවත් කන්න පුළුවන් විදියට හදපන්" "අපෝ උඹලද හදන්නේ? එහෙනං මම අද කඩෙන් තමයි" ගාලා ප්‍රශ්න වැලයි. අපිත් ඒවාට ලස්සන සිංහලෙන් උත්තර දීලා ශේප් වෙලා එනවා..

ඉතිං ඇවිල්ලා පටන් ගන්න හා හා පුරා කියලා සුබ නැකතින් හට්ටි මුට්ටි ටික ඇරලා බලද්දී සිකුරාදා උයපු එවුන් වලං හෝදලා නෑ. රයිස් කුකර් එකේ පනුවොත් එක්ක. තංගල්ලේත් ඉතිං මුළු ගමටම ඇහෙන්න කෑගහනවා. " මොන පරයෝ ටිකද සිකුරාදා උයලා හේදුවේ නැත්තේ?? වර පහලට ඔක්කොම!! තොපේ අහවල් එවුන් ඇවිල්ලද හෝදන්නේ ??? බ්ලා බ්ලා"". ඒත් එකෙක්වත් not responding. අන්තිමට ලිස්ට් එක බැලුවම උයල තියෙන්නෙ දිමියගේ ටීම් එක. ඉතිං උඩට ගිහින් උන්ට ගගහ දක්කාගෙන එනවා. උනුත් ඉතිං ලෝකේ නැති නිදහසට කාරනා කියනවා. ඒවාට ආදරෙන් උත්තර දෙන්නෙත් තන්ගල්ලේම තමයි. " #@%පන් මහත්තයෝ  එව්වා නං හඳේ ඈ... තොපි තුන්දෙනාට අද රෑට මෙව්වම කන්න ඕනේ නැත්තං හොදාපන් මයේ අම්මා මගේ යකා අවුස්සන්නේ නැතුව. පස්සේ නොකිව්වයි කියන්න එපා මගේ පුතේ..." කිව්වම උන් ඉතිං කීකරුව හෝදලා දෙනවා අපිට. (පස්සේ කාලෙක සම්ප්‍රදායක් විදියට එකතු උනා, ඔහොම සීන් එකක් උනාම චූදිතයන් ටික බැල්කනියට අරං ගිහිල්ලා හට්ටි ඔලුවේ තියාගෙන පාරට පේන්න කවියක් කියා කියා නටවන සීන් එකක්. ඒ කවිය දැම්මොත් කොටු කොටු දාන්න වෙන නිසා දාන්නෙ නෑ..).

කොහොම හරි ඒවයි මේවයින් පස්සේ හරීන් හාල් ගෝනිය ඇරපු ගමන් හූනෝ, කැරපොත්තෝ එහෙන් මෙහෙන් එලියට පනිනවා. ඌත් ඉතිං "ඔන්න කවුරුත් දැක්කේ නෑලු..." ගාලා හාල් ගන්නවා. අපේ බෝඩිමේ හැටියට මචං කවුරුත් දැක්කේ නැත්තං  එහෙම දෙයක් උනේ නෑ කියල තමයි ගණන් ගන්නේ...

ඉතිං ඌ හාල්, පරිප්පු එව්වා මෙව්වා හෝදනකන් මම ළූණු කපනවා. ඒ අපේ ළූණු කැපීමේ රහසත් හොයාගත්තේ පරීක්ෂණයක ප්‍රතිපලයක් හැටියට. අපි හොයා ගත්තා ළූණු ගෙඩියෙන් ගෙඩිය කපනවට වඩා, ගෙඩි ඔක්කොම මෙසේ උඩට දාලා, පිහි දෙකකින් කොත්තු සිස්ටම් එකට කැපුවම කාලයත්, ශ්‍රමයත් ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඉතිං අපි ඒ ඉතුරු වෙන කාලයෙන් පිහි වලින් කඩු ෆයිට් යනවා.. ඒ වගේම අපි හෙන ක්‍රීඩකයෝ නිසා ඉවිල්ලත් අපිට ක්‍රීඩාවක් තමයි. අපි එහෙම කවදාවෙත් හොද්ද ළඟ ඉඳන් ලුණු, තුනපහ දාන්නෙ නෑ. ඌත් කුස්සියේ දොර ගාවට ගිහින් ඉලක්කේ අල්ලලා බාස්කට්බෝල් වල වගේ ගානට හොද්දට දානවා. බාගයක්ම පිට යන එක වෙනම කතාවක්.  එහෙම ඉලක්කේ වැරදිලා ගෑස් උඩට එකට වැටුනම " කවුරුත් දැක්කේ නෑලු.." කිව්වම නෝ බෝල් හැටියට ගණන් ගන්නේ.. අනික උයන දේවල් වලින් සාම්පල් තියන එකත් හොඳයිනේ...

ඔහොම ඔහොම තමයි ඉතිං අපි උයන්නේ. උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මචං. අපේ කෑම කොච්චර රසද කියනවා නං පොල් කොළ කන කුරුමිනියොත් දිවි පරදුවට තියල පියාඹගෙන ඇවිත් තැම්බෙන හොද්දට පනිනවා රස බලන්න. ඒ වෙලාවටත් "කවුරුත් දැක්කේ නෑලු.." කියලා ඌව බේරාගන්නවා අපි..

මචං කොච්චර කාර්යක්ෂම උනත් හරි පරෙස්සමෙන් කලේ නැත්තං වැරදීම් වෙන්න පුළුවන්. ඉතිං මෙහෙමනේ.. උයන ගමන් තංගල්ලේ "ඒ අඩෝ..!! මේ හැන්ද හෙදුවා නෙහ්?" ගාලා අහනවා. හරීන් කෝල් එකක. ඌත් බලන්නේවත් නැතුව "ඔව් බං හේදුවා.. හේදුවා.." ගානවා.. ඉතිං ටිකකින් හරීන් ෆෝන් එක cut කරලා ඇවිත් හොද්දට එබිලා බලලා කෑගහනවා "අම්මට හුඩු..!! උඹ ඔය හැන්දද ගත්තේ? මම හේදුවේ අනිත් හැන්ද බං.. සදා සොත්තිනේ ඉතිං දැන්... යකෝ ඔය හැන්දෙන් තමයි අද උදේ බට්ටා අර බල්ලට ගැහුවේ..!! බූරුවා..!!" ගාලා.. ඊට පස්සේ වලියක්..

එකටත් ඉතිං අන්තිමට "ඔන්න කවුරුත් දැක්කේ නෑලු..." පිහිට තමයි....

6 comments:

  1. ඌරන්ට මොන සවුක්‍යයක්ද නේ .. ඕකට බෝඩිම කිව්වට වඩා හොදයි ඌරූ කොටුව කිව්වනම් ^_^

    ReplyDelete
    Replies
    1. හම්මේ පලවෙනි කමෙන්ට් එක. තැන්ක්ස් ආ...

      Delete
  2. සදුදට උයන්නෙ උබලද? ආම්මපා තොපි වගේ අසමජ්ජාතියො. ඒක තමයි ඉරිද සෙනසුරාද කෙසේ වෙතත් සදුද දවසක රන්වියන පැත්තෙ ගියොත් තෝ හොර උගුඩුව වගේ වටපිට බලබල ඉක්මනට ගිලල මාරු වෙනව දකින්නෙ. අනිත් උන්ට " කවුරුවත් දැක්කෙ නෑ"

    ReplyDelete
    Replies
    1. ah ඔව් අයියේ..!!! :D කලින්ම කාලා ගියාම ඇඟට හොදයි. රෑට කන්න ඕනෙත් නෑනෙ.. :D

      Delete
  3. අත්හදා බලන්න වටින උයන ටැක්ටික් ගොඩක් තියෙනවානේ.... උඹලා ඔය විදිහට උයලා කාලා ඒවගෙන් හැදෙන ලෙඩ ගැන දැන්ම ඉඳන් රිසර්ච් කරන එක හොඳයි.... පස්සේ ප්‍රෙයා්ජනවත් වෙන්න පුලුවන්.. :v :v :v

    වර්ටිෆිකේෂන් අයින් කරපන් බන්.....

    ReplyDelete
    Replies
    1. රිසර්ච් කරපුවත් තියෙනවා. හිමීට දාන්නං පස්සේ.. :D

      Delete