හා හා පුරා කියල ලියන්න යන එකේ ඉතිං අපේ එවුන්ගේ සෙටිෆිකට් එකත් දීලම පටන් ගන්නං. එතකොට පස්සට ලේසියිනෙ.. කලින් කිව්වා වගේ අපේ එවුන් ඔක්කොම කොල්ලෝ 15යි. තව බෝඩිමේ අයිතිකාරයා මනිලාල්, අපේ අංකල්, වටේ පිටේ ඈයෝ, සතා සිව්පාවෝ එහෙම එක එක චරිත ගොඩයි. ඒ අය ගැන මෙතන ලිව්වා.. ඒ ඔක්කොටම කලින් මුලින් ඉන්න එවුන් ගැන විතරක් කියන්නං..
ඉතිං මචං උඩ තට්ටුවෙන් පටන් ගත්තම පහල කුස්සියට යනකම්ම ඉන්නෙ අමුතුම ජාතියේ එවුන්. ආයේ ලොවෙත් හොයන්න නෑ ඒ වගේ එවුන් ටිකක් නං.. හැබැයි මචං පාටින්, උසින්, වයසින් වෙනස් උනත් අපේ එවුන්ගේ බොක්ක එකයි...
ඉතිං අඳුනා ගන්න..
දිමියා - උඩ තට්ටුවේ කොනේ කාමරේක ඉන්නෙ ඩයල් එක. නුවර කොල්ලෙක්. මෑන් පොඩි කාලේ ඉඳන්ම තට්ටයා. හිත හොඳ මනුස්සයා. බෝඩිමේ ටෙක්නිෂන් වගේ ඉන්නෙ ඌ තමයි. ලැප් එකක, ෆෝන් එකක අවුලක් ගිය ගමන් "දිමියෝ දිමියෝ දිමියෝ දිමියෝ" ගාලා එක දිගට නවත්තන්නේ නැතුව කෑ ගහපුවම මෑන්ස් බැන බැන ඇවිල්ලා හරිගස්සලා දීලා යනවා. ගාල්ලේ කෙල්ලෙක් ඇත.
ශැරෝ මලයා - දමියගේ රූමා. සුදු, ලස්සන, හැන්සම් කොල්ලෙක්. ඌත් නුවර පැත්තේ. වැඩි සද්ද බද්ද නෑ. තමන්ගේ පාඩුවේ වැඩක් පලක් කරගෙන, පිලිවලකට ඉන්න එකෙක්. හැබැයි ඉඳල ඉඳල කරන කුපාඩිම වැඩ කරන්නෙත් ඌම තමයි. උටත් කෙල්ලෙක් ඇත.
ඔටුවා මහතා- ඒ කියන්නේ මම. මගේ නං ඉතිං කියන්න කියල නරක දේවල් නෑ. මම ඉතිං කාගේත් සිත් ගත්, අහිංසක, අවංක, විනීත, කීකරු, ප්‍රියමනාප, සුකුමාල, මනමාල කොල්ලෙක්. ආයේ කුරා කූම්බියෙකුටත් මගෙන් වරදක් නෑ. මාත් ඒ කාලේ කෙල්ලෙක් එක්ක පොඩි මෙව්වා එකක් තිබ්බලු. දැන් නෑලු..
සයිලේ - මූ මගේ රූමා. මෑන් දෙමල. කල්මුනේ ගෙවල්. මුට සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ. ඉංග්‍රීසි බෑ කිව්වට, යන්තං ශේප් කරගන්න පුළුවන් විතරයි. ඉතිං මූ කාත් එක්කවත් කතා කරන්නෙත් නෑ. මම අහන දේවල් වලට උත්තර දෙන එක විතරයි. මුගේ ජීවිතේම කාමරේ ඇතුලේ. එලියට එන්නේ, කඩේ යන්නයි, බරවල් නිදහස් කරන්නයි විතරයි. බෝඩිමේ සමහරු මෙහෙම එකෙක් ඉන්නවා කියල දන්නෙත් නෑ. ෆ්‍රී ඉන්ටර්නෙට් තියෙනවා නං ආයේ මුට කිසි දෙයක් ඕන නෑ..
Mr. තංගල්ලේ - Mr. තංගල්ලේගේ ගම තංගල්ල. මැද ලොකු කාමරේ ඉන්නෙ. මූ ප්‍රසිද්ද මුගේ කෙකර හිනාවටයි, ගලටයි. මූ තුවාය ඇඳගෙන, ඇඳට වෙලා, ගල එළියේ දාගෙන ඉන්නවා දැක්කම ඕන කෙනෙක්ගෙ හැගීම් මෙව්වා වෙනවා අප්පා. පොඩ්ඩක් වලියට බරයි. ඒත් ඕන දේකට බොක්ක. මුට කෙල්ලෙක් හිටියද නැද්ද කියල කියන්න දන්නේ නැත. එක එක කාලෙට එක එක කෙල්ලෝ ටෝක් කරයි.
ලහිරු - තංගල්ලේගේ රූමා. මූ නං බොඩි බිල්ඩින් ඩයල් එකක්. හැමදාම හවසට මූ කාමරේ ඉන්න එවුන්ව එලියට දාලා දොර ලොක් කරගෙන, පැයක් දෙකක් බොඩි බිල්ඩින් කරනවා. වැල පප්පෙක්. ඒත් තෝරා ගත් කැටගරි විතරයි බලන්නේ. මොනා උනත් මිනිහගේ කෙලින් කතාව. කෙල්ලෝ ගැන කිව්වොත් ඉතිං මුට තියෙන්නෙ හෙන කම්ප්ලිකේටඩ් සීන් එකක්. මුගේ පස්සෙන් කෙල්ලෙක් එද්දී මූ වෙන කෙල්ලෙක් පස්සේ යනවා. අවුරුදු දෙකක් තිස්සේ මූ කාව තෝර ගන්නද කියල හිත හිත තමයි හිටියේ..
තංගල්ලේයි, ලහිරුවයි තමයි මගේ ඕන දේකට ඉන්නෙ. ඕන සීන් එකක් මුන් දෙන්නට තමයි ගිහින් කියන්නේ ඉතිං..
නුවනා - මූ අන්තිම කාලේ ආවේ. හෙන පොෂ් පොෂ් ඩයල් එකක්. තමන්ගේ පාඩුවේ, වැඩක් පලක් කරගෙන හිටියේ මූ..
මහේෂ් අයියා - මචං මහේෂ් අයියා නොහොත් ලොක්කා තමයි බෝඩිමේ මැනේජර්. මෑන්ස්ට ජරා වැඩ පේන්න බෑ. රහසින්වත් පව් නොකරන සේක පොරක්. උඹ බං කියල වත් කියන්නේ නෑ. ඒ වගේම අකුරට වැඩ. සිංහලෙන් කියනවා නං පට්ටම සෙන්සිටිව් ඩයල් එකක්. මදුරුවෙක් කෑවත් සිද්ධාලේප ගානවා. හැබැයි ඕන වෙලාවක උදව්වක් ඉල්ලුවොත් බෑ කියන්නේ නෑ. කෙල්ලෙක් ඇත.
ඒ උඩ තට්ටුවේ එවුන්. පහල තට්ටුවේ ඉන්නවා..
බට්ටා - මාමයිට් බට්ටට නම හැදුනේ කොහොමද කියන්න ඕනේ නෑනෙ. මූ බදුල්ලේ. බටු ඇටයක් වගේ සයිස් එක නං. මිනිහගේ චූටි ගොතයක් තිබ්බා. ඌත් පට්ට ඩයල් එකක්. කෑමට බීමට එහෙම හෙන දක්ෂයි. මූටත් කෙල්ලෙක් සෙට් උනා. මුන්ගේ ප්ෆොෆෙසර් කෙනෙක්ගෙ දුව. අන්න වැඩ කාරයෝ...
ජයසිංහ අයියා - බට්ටාගේ රූමා. බෝඩිමේ හිටපු ගුප්තම චරිතතේ. මම නං මෑන්ස් ව දකින්නේ උදේ යනකොට විතරයි. කාත් එක්කවත් කතාවක් නෑ. තමන්ගේ පාඩුවේ ඉන්නෙ. අපිත් එක්ක කන්න වත් එන්නේ නෑ. රෑට ජිම්, පන්සල් එහෙම ගිහින් එනව දැකල තියෙනවා කලාතුරකින්. පොර ටික කාලයක් ඉඳල ගියා...
වලියා - වලියා බෝල ගෙඩිය වගේ. ඌත් කාමරෙන් එලියට එනව අඩුයි. ඒත් පැය විසි හතරේම ඔන්ලයින්. වැල, ෆිල්ම් එහෙම ඉල්ලගන්න යන්නෙ මූ ගාවට. උගේ කාමරේ නිකං ගැජට් රාලහාමි කෙනෙක්ගෙ වගේ. අමුතු අමුතු, ලයිට් පත්තුවෙන, කැරකෙන දේවල් මේසේ පුරා. කොහෙන්ද ගත්තේ කියල ඇහුවම. " E bay එකෙන් මචං" ගානවා..
හරීන් - වලියගේ රූමා. ඌත් ඉතිං කාටවත් කරදරයක් නෑ. තමන්ගේ පාඩුවේ ඉන්නවා. බෝඩිමේ කෑමවල, ලයිට් බිල්වල ගණන් හිලව් බේරන්නේ ඌ තමයි. කෙල්ලෙක් නැත..
ශැගියා - ශැගියා මාතර. ඉන්නෙ කුස්සියට ලඟම කාමරේ. හොද්දක් එහම අප්සෙට් ගියාම කෙලින්ම මුට කෝල් කරනවා. මූ දුවගෙන ඇවිල්ලා හොද්ද ගොඩ දානවා. කියවන්න ගියාම මුට තියෙන්නෙ යකාගේ කටක්. මූ නොදන්නා දෙයක් නෑ. යූ.එන්.පී. තමයි ඉතිං. සයිස් එකෙන් කොහු මිටක විතර උනත් යුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩක් අවදි කරන කොල්ලෙක්. ඒ වගේම ඕන ජරාවක් ලැජ්ජාව පැත්තකින් තියල කැත නැතුව කියනවා ඕන තැනක...
වුල්ෆි - ශැගියගේ රූමා. මූම රෙජිස්ටර් කරගත්ත නමක්. ෆේස්බුක් එකේ මුගේ නම ඉස්සරහින් වුල්ෆි කියල කෑල්ලක් දාගෙන හදාගත්තේ. හී ඉස් ෆ්‍රොම් ළඟ පාත. ගේ තියෙන්නෙ කැම්පස් එක ලඟම උනත් මූ සල්ලි ගෙව ගෙව බෝඩිමේ ඉන්නවා. බෝඩිමේ ගිටාරිස්ට්. මූත් මගේ බෝට්ටුවේ. මුස්ලිම් කෑල්ලකින් බූටක් කාපු එකෙක්. මගේ ඕන ප්‍රේමය සම්බන්ද ප්‍රශ්නෙකට උපදෙස් දෙන්නෙ පොර තමයි...
කොඩියා - ගාල්ලේ ඩයල් එකක්. මූත් වලි සම්බන්ද එකෙක්. තනි කාමරේක ඉන්නෙ. බෝඩිමේ ගායකයා මෙන්ම කීබෝඩ් වාදකයා. මගේ කඩ්ඩ ක්ලාස් එකේ ගෝලයෙක්. මුටත් කෙල්ලෙක් ඇත..
අංකල් - අංකල් ආවේ පස්සේ කාලෙක. උයල දෙන්න, අස්කරන වැඩ වගේ දේවල් කරලා දෙන්න. අංකල් ගැන නං කියල ඉවර කරන්න බෑ. ඒ නිසා හිමීට පස්සේ කියන්නං..
හු*තා - අපේ බෝඩිමේ පූසා. ඌ ගැනත් පස්සෙම කියන්නං...
තව හැමදාම අපිත් එක්ක ලැගල ඉන්න එවුනුත් ඉන්නවා 10ක් පහලවක් විතර. උන් ගැනත් කියන්න ගියොත් මේක ලියල ඉවර කරන්න වෙන්නේ නෑ. ඒ නිසා දැනට ඔච්චරයි. ඉතුරු ඒවා පසුවට..

ඔටුවා මහතා- ඒ කියන්නේ මම. මගේ නං ඉතිං කියන්න කියල නරක දේවල් නෑ. මම ඉතිං කාගේත් සිත් ගත්, අහිංසක, අවංක, විනීත, කීකරු, ප්‍රියමනාප, සුකුමාල, මනමාල කොල්ලෙක්. ආයේ කුරා කූම්බියෙකුටත් මගෙන් වරදක් නෑ. මාත් ඒ කාලේ පොඩි මුස්ලිම් කෙල්ලෙක් එක්ක මෙව්වා එකක් තිබ්බලු. දැන් නෑලු..
ReplyDeleteEhem ita passe indian kallak dan ekath nallu
Ps. Mara ahinsaka, vineetha ehem ehem apine danne :P
(comment eka Sara wadinam ain karata kamak Na :)